සී/ස ද ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම ඇතුළු එහි අනුබද්ධිත සමාගම්වල වත්කම් විකුණා ලබන මුදලින් තැන්පතු පියවීම එහි නව අධ්යක්ෂ මණ්ඩලයට පැවරුණද, එසේ කිරීමේදී තැන්පත්කරුවන් අතරින් අධ්යක්ෂ මණ්ඩලයට පත්කරගත් සාමාජික සාමාජිකවන්ට අයුතු පොහොසත්කමක් ලැබීමට ඉඩ සලසා ඇති බව සාධාරණයක් සඳහා වූ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ හඬ සංවිධානය පවසයි.
කොළඹ, පදනම් ආයතනයේදී අද (18දා) පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධාන විසින් මෙම අදහස් පළ කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අධීක්ෂණය සහ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන සී/ස ද ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමට පත්කළ නව අධ්යක්ෂ මණ්ඩලයක් මගින්, කොතලාවල මහතා ඇතුළු අනෙකුත් වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික වත්කම් සහ සී/ස ද ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම ඇතුළු එහි අනුබද්ධිත සමාගම්වල වත්කම් විකුණා ලබන මුදලින් තැන්පතු පියවීම සිදුකිරීමට පැවරුණු බව සාධාරණයක් සඳහා වූ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ හඬ සංවිධානය පවසයි.
එසේ කිරීමේදී තැන්පත්කරුවන් අතරින් අධ්යක්ෂ මණ්ඩලයට පත්කරගත් සාමාජික සාමාජිකාවන්ට අයුතු පොහොසත්කමක් ලැබීමට ඉඩ සලසාදී ඇති වටපිටාවක් තුළ, වත්කම් විකිණීමේදී එක් අධ්යක්ෂවරුන් කිසිසේත්ම නොසලකාහැරිය නොහැකි තරම් විශාල වංචා සහ අක්‍රමිකතා සිදුකරමින් අයුතු පොහොසත්කමක් ලබා ඇති බව හෙළි වී ඇති බව ඔවුන් අවධාරණය කරයි.