කොටස් වෙළෙඳ පොළේ පසුගිය සතිය පුරාවට පැවති සෘණාත්මක වෙළෙඳ පොළ තත්ත්වය සතිය අවසන් වූ අද දිනයේදීද ඒ ආකාරයෙන්ම පැවතියේය.
එහිදී සමස්ත මිල දර්ශකය හා S&P ශ්‍රී ලංකා මිල දර්ශකය 1.17% ක පහළ අගයක් සනිටුහන් කරමින් අවසන් විය.
විවිධාංගීකරණ අංශය පිරිවැටුමේ ප්‍රමුඛස්ථානයට පැමිණියද, එම අංශයේ දර්ශකය සටහන් කළේ 1.23% ක පහළ අගයකි.
බැංකු, මූල්‍ය හා රක්ෂණ අංශය පිරිවැටුමේ දෙවැනි ඉහළ දායකත්වය ලබාදුන් අතර, එම අංශයේ දර්ශකය 0.04% ක පහළ වැටීමක් දක්නට ලැබුණි.
කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ගත වූ සතිය තුළදී මන්දගාමී තත්ත්වයක් පෙන්වූවද, එලැඹෙන කාර්තුවේදී කොටස් වෙළෙඳ පොළ සුබවාදී ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.