කොළඹට ජීවය දෙන Cinnamon Life
ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුකළ පෞද්ගලික අංශයේ විශාලතම ආයෝජනය ලෙස Cinnamon Life මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹීම අද (22දා) කොළඹදී නිවේදනය කෙරිණි.
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන වොටර්ෆ්රන්ට් ප්‍රොපටීස් (පෞද්.) සමාගම විසින් සිදුකරන මෙම ව්‍යාපෘතිය සියලු පහසුකම්වලින් සපිරි වර්ග අඩි මිලියන 4.5ක මධ්‍යස්ථානයක් ලෙස ඉදිවනු ඇත.
වාස්තු විද්‍යාවේ අපූර්ව සලකුණක් බවට පත්වන මෙම ව්‍යෘපෘතිය යටතේ, කාමර 800කින් සමන්විත සුඛෝපභෝගී Cinnamon Life හෝටලයක්, විනෝදාස්වාදය උපරිමයෙන් රස විඳිය හැකි කලාත්මක ඉසව්, නේවාසික ඒකක, නවීනතම තාක්ෂණයෙන් යුත් කාර්යාලයීය ඉඩ පහසුකම්, ප්‍රණීත ආහාරපාන සපයන විවිධාකාර අවන්හල්, උත්සව ශාලා, සම්මන්ත්රණ ශාලා, සිනමාහල් ඇතුළු තවත් අංග රැසකින් සමන්විත බව කියයි.
මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය මෙතෙක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් සිදුකළ විශාලතම ආයෝජනය බවත්, ජාතික මට්ටමේ වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියක් වන මෙය ශ්‍රී ලංකාව නූතන ආසියාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට විශාල දායකත්වයක් ලබාදෙනු ඇති බවත් පෙන්වා දෙයි.
ලෝ ප්‍රකට ලන්ඩනයේ ‘ArcelorMittal Orbit, බීජිං නගරයේ CCTV ඇතුළු ගොඩනැගිලි රැසක සැලසුම්කරණය සඳහා දායක වූ ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනූ වාස්තු විද්‍යාඥයකු, කලාකරුවකු මෙන්ම ඉංජිනේරුවකුද වන සිසිල් බැල්මන්ඩ් විසින් මෙම ආකර්ෂණීය සංකල්පය සැබෑවක් බවට පත්කරනු ඇති අතර, හුන්ඩායි ඉංජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් විසින් මෙහෙයවනු ලබන කොන්ත්‍රාත්කරුවන් විසින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පවසා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

