දෙරටේ කොටස් හුවමාරු අතර ආයෝජන අවස්ථා හා සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ කොරියානු කොටස් හුවමාරුව (KRX) අවබෝධතා ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදුව තිබේ.
KRX සභාපති ජ්යිවොන් ජ්න්ග් සහ CSE සභාපති රේ අබේවර්ධන යන මහත්වරුන් විසින්මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර, තොරතුරු සහ දැනුම හුවමාරුව, තාක්ෂණික හුවමාරුව සහ අනෙකුත් පොදු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා අනාගතයෙදී සමීපව කටයුතු කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.
මෙම ගිවිසුම හරහා KRX ආයතනයේ අත්දැකීම් හා තාක්ෂණය භාවිත කරමින් ආයතනවල සම්බන්ධතාව තවදුරටත් වර්ධනය කිරීමටත්, දෙරටෙහි ප්‍රාග්ධන වෙළෙඳ පොළවල් වර්ධනය කිරීමට කැපවෙන බවත් KRX සභාපති ජ්යිවොන් ජ්න්ග් මහතා පවසා සිටියේය.
මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් CSE සභාපති රේ අබේවර්ධන මහතා පවසා සිටියේ, "මේ ගිවිසුම තුළින් කොරියානු කොටස් හුවමාරුව (KRX) වැනි ඉදිරි පෙළේ ආයතනයක් සමග සහයෝගීව කටයුතු කිරීම සඳහා අපට අවකාශය ලැබෙනවා. ඉදිරියෙදී දෙරට තුළ ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙනි.
KRX හුවමාරුවෙහි සුරැකුම්පත් 2,000කට අධික ප්‍රමාණයක් ලැයිස්තුගත වි ඇති අතර එමගින් කොරියානු ආර්ථිකයට දියුණුව සලසයි. මිලියන 50කට අධික ජනගහනයක්ද දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.6ක් සහ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇ.ඩොලර් 32,800කින් හෙබි කොරියානු ආර්ථිකය, ආසියාවේ පවතින විශාලතම හා විශිෂ්ටතම පාරිභෝගික වෙළෙඳ පොළවල්අතුරින් එකක් ලෙස සැලකේ.