කොටස් මිලදී ගැනීමට පෙර සහ පසු
අනාගතයේදී යම් ප්‍රතිලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන් වර්තමානයේදී සිදුකරනු ලබන සම්පත් කැපකිරීමක් හෙවත් මුදල් යෙදවීමක් ආයෝජනයක් යනුවෙන් හඳුන්වාදිය හැකිය. ඒ අනුව, යම් පුද්ගලයෙකු මහන්සියෙන් උපයා ගන්නා ආදායමෙන් කොටසක් ඉතිරිකර එය ආයෝජනයකට යොමුකරමින් තම අනාගත අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන ප්රාග්ධනය හෙවත් අරමුදල් රැස්කර ගන්නා ජනප්‍රිය ආයෝජන ක්‍රමයක් ලෙස කොටස් වෙළෙඳ පොළ ආයෝජනය පෙන්වාදිය හැකිය. කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී අනෙකුත් ආයෝජන මාර්ග මෙන් නොව ඒ පිළිබඳව මනා අවබෝධයක් සහිතව ඒ වෙත යොමු වීම ආයෝජකයාගේ පැත්තෙන් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් බව මතක තබාගත යුතු කාරණාවකි.
ආයෝජකයෙකු අවධානය යොමු කළ යුතු තැන්
කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සම්බන්ධයෙන් ආයෝජකයෙකු තම අවධානය යොමුකළ යුතු විශේෂ තැන් කිහිපයක් හඳුනාගත හැකිය. කොටස් ආයෝජනයේ ස්වභාවය කුමක්ද, එහි ප්රතිලාභ මොනවාද, එහි පවතින අවදානමේ ස්වභාවය කොයි වගේද, ආයෝජන කිරීම සඳහා දැනට හඳුන්වාදී ඇති කොටස් වර්ග මොනවාද, ලැයිස්තුගත සමාගම් මොනවාද, කොටස් ආයෝජනය හා සම්බන්ධ නීතිරීති මොනවාද යන්න සහ තවත් කරුණු එම විශේෂ තැන් වශයෙන් පෙන්වාදිය හැකිය.
නීති රීති සංශෝධන, විධාන සහ නියෝග පැනවීම
ඒ අතරින් ආයෝජන හා සම්බන්ධ නීතිරීති පිළිබඳව අවධානය යොමුකිරීමේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ සිදුකරන විවිධ නියෝග, විධාන මොනවාද යන්න පිළිබඳව ආයෝජකයෙකු තම අවධානය යොමුකළ යුතුය. එමගින් කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී ආයෝජකයන්ට තම ආයෝජනයේ උපරිම ඵල නෙළාගත හැකිය.
කොටස් ගනුදෙනු පිරිවැය සංශෝධනයන්
ආයෝජකයෙකුට කොටස් මිලදී ගැනීමේදී සහ විකිණීමේදී කොටස් ගනුදෙනු පිරිවැයක් දැරීමට සිදුවන බව බොහෝ අය දන්නවා විය හැකිය. එහෙත් එම කොටස් ගනුදෙනු පිරිවැය පාර්ශ්වකරුවන් 5 දෙනෙකු අතර බෙදී යන බව දන්නේ ඉතා සුළු පිරිසකි. ඕනෑම කොටස් ගනුදෙනුවක් සඳහා අය කරන මුළු ගාස්තුව කොටස් තැරැව්කාර ආයතනය, කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, මධ්‍යම තැන්පතු ක්‍රමය සහ රජයේ සෙස් බදු වශයෙන් බෙදීයයි.
දැනට පවතින කොටස් ගනුදෙනු පිරිවැය පරාසය සංශෝධනය
ඒ අතරින් කොළඹ කොටස් හුවමාරුවේ ගාස්තුව සහ මධ්‍යම තැන්පතු ක්රමයේ ගාස්තුව ඉදිරියේදී සංශෝධනය කිරීමට යයි. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන රු.මිලියන 50ක් දක්වා සඳහා සහ රු.මිලියන 50 ට වැඩි ගනුදෙනු සඳහා වශයෙන් අය කරනු ලබන ගනුදෙනු පිරිවැය රු.මිලියන 100 ට වඩා අඩු සහ රු.මිලියන 100 ට වඩා වැඩි ගනුදෙනු සඳහා වශයෙන් වෙනස්වීමට නියමිතය. එම ගනුදෙනු පිරිවැයට අදාළ නව ගනුදෙනු ව්‍යුහය සහ අය කිරීමේ ක්‍රමය පිළිබඳ පහත උදාහරණය මගින් සරලව පැහැදිලි කළ හැකිය.
සංශෝධනය වීමට නියමිත කොටස් ගනුදෙනු පිරිවැය පරාසය
ගනුදෙනු පිරිවැය පරාසය
|
ප්‍රතිශත ගාස්තුව (%)
|
රු.මිලියන 100 ට අඩු
|
රු.මිලියන 100 ට වැඩි
|
තැරැව්කාර ගාස්තුව
|
0.6400
|
0.2000 (අවම)
|
කොටස් වෙළෙඳ පොළ ගාස්තුව
|
0.0840
|
0.0525
|
මධ්‍යම තැන්පතු ක්‍රමය
|
0.0240
|
0.0150
|
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව
|
0.0720
|
0.0450
|
රජයේ බදු
|
0.3000
|
0.3000
|
මුළු එකතුව
|
1.1200
|
0.6125
|
උදාහරණයක්-
රු.මිලියන 102 ක් වන කොටස් ගනුදෙනුවක් සඳහා අයකරනු ලබන ගනුදෙනු පිරිවැය
ගනුදෙනු වටිනාකම
|
(රුපියල්)
|
මිලියන 102 යි
|
මිලියන 100
|
මිලියන 2
|
මුළු එකතුව
|
ඒකාබද්ධ ගාස්තුව
|
(%)
|
1.1200
|
0.6125
|
-
|
රුපියල්
|
1,120,000
|
12,250
|
1,132,250
|
රු.මිලියන 100 ට වැඩි ගනුදෙනු සඳහා කොටස් තැරැව්කාර ගාස්තුව කේවල් කිරීම මත තීරණය වන අතර එය 0.2000 ප්‍රතිශතයට වඩා වෙනස් වීමට ඉඩ ඇත.
මෙහි තවත් කොටසක් ඉදිරියේදී...