කියුබානු නව තානාපතිනී ජුආනා එලීනා රොද්රිගූස් මහත්මිය ප්‍රධාන "තානාපති හමුව" (Meet the Ambassador) වැඩසටහන 2017 ජනවාරි 31 වැනි අඟහරුවාදා පස්වරු 3.00 සිට පස්වරු 4.30 දක්වා ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, අංක 450, ඩී ආර් විජේවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයේදී පැවැත්වීමට නියමතිය.
තානාපති කාර්යාලයේ වාණිජ උපදේශකවරයෙක්ද සහභාගි වන මෙම අවස්ථාවේදී, කියුබානු තානාපතිනිය විසින් වර්තමාන ව්‍යාපාර නැඹුරුව, වෙළෙඳ හැකියාවන්, ආනයන අපනයන අවස්ථා, ආයෝජන සහ සේවා පිළිබඳව කථා කිරීමට නියමිතයි.
එසේම සහභාගීවන්නන්ට ඊට සහභාගි වූ කියුබානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධව අදාළ අංශ පිළිබඳව තොරතුරු ලබා ගැනීමටද අවස්ථාව සැළසෙනු ඇති බව ජාතික වාණිජ මණ්ඩලය පවසයි.
මේ සඳහා ලියාපදිංචි වීමට 011-4741788 යන දුරකථන අංකය හා [email protected]; [email protected] යන විද්‍යුත් ලිපිනයන් ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය හා සම්බන්ධ විය හැකිය.