කිතුල් ගසින් ලබා ගන්නාවූ විවිධ ප්රයෝජන සහ එමගින් වෙළෙඳ පොළට තිළිණ කළ හැකි නිර්මාණ රැගත් 'කිතුලක වරුණ 2014' ප්රදර්ශනය සහ වෙළෙඳ සල්පිල අද (04දා) කොළඹ සුදර්ශි සංස්කෘතික ආයතන පරිශ්රයේදී ආරම්භ විය. එය හෙට (05දා) සහ අනිද්දා (06දා) යන දිනයන්හිදී ද නරඹන්නන් වෙනුවෙන් විවෘත වන අතර, එහිදී රසවත් කිතුල් මිශ්රිත ආහාරපාන රස විඳීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව උදාකර දී තිබේ.
ඡායාරූප චමෝදි ගුණවර්ධන