ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනු කමිටුවේ ජාතික මෙහෙයුම් මැදිරියේදී පසුගිය 22 වැනිදා පවත්වා තිබුණි.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් මෙම රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු ජූලි 29 දින වනවිට කැඳවමින් චක්‍ර‘ලේඛයක් මේ වනවිට නිකුත් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය සමග මෙම විධිවිධානවලට අදාළ රෙගුලාසි අගෝස්තු 30 වැනිදා වනවිට කෙටුම්පත් කිරීමට නියමිතය. මීට සමගාමීව මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විසින් පුහුණු වැඩසටහන් ආරම්භ කර ඇත. රාජ්‍ය නොවන සංවිධාන සඳහා බලපත්‍ර ලබාගැනීමට ක්ෂුද්‍ර මූල්‍ය පනත මගින් සහන කාලසීමාවක් නියම කර ඇතත් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට පියවර ගනු ඇත.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල නියැළෙන රාජ්‍ය නොවන සංවිධාන අගෝස්තු මාසය ඇතුළත කැඳවා මේ විෂය සම්බන්ධව අදහස් හුවමාරු කරගැනීමට වැඩමුළු පැවැත්වීමට බලාපොරොත්තු වේ.