ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 65,000ක ජනතාවට පානීය ජලය ලබාදෙමින් කටුනායක සීදුව ජල සම්පාදන ක්‍රමය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජල සම්පාදන සහ ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් විසින් පෙබරවාරි 05වනදා ජනතා අයිතියට පවරනු ලැබීය.
සැමට පානීය ජලය ලබාදීමේ රජයේ වැඩසටහන අනුව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය මගින් ඉදිකරන ලද මේ සදහා වැයකරන ලද මුදල රුපියල් දශලක්ෂ 470ක් වන අතර, 13,000කට නව ජල සම්බන්ධතා ලබාදී ඇත. මේ පිළිබද උත්සවය අම්බලන්මුල්ල ජෝතිරත්න කණිෂ්ඨ විද්‍යාලයේදී පැවති අතර එහිදී ජලය ලබාදීම සංකේතවත් කරමින් එම විදුහලේ ජල කරාමයක් විවෘත කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කටුනායක-සීදුව ජල සම්පාදනා ක්‍රමය විවෘත කරන ලදී.
සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.