ශ්රී ලංකා කජු සංස්ථාවේ නව සභාපති ලෙස පත් කරනලද දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පසුගියදා රාජගිරියේ පිහිටි එම සංස්ථාවේ ප්රධාන කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු ඇරඹීය.
මාවනැල්ල ආසනයේ හිටපු එක්සත් ජාතික පක්ෂ සම සංවිධායකවරයෙකු මෙන්ම සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වන ඒ මහතා වෘත්තියෙන් ඉඩම්හිමි වැවිලිකරුවෙකි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ක්රියාකාරී අධ්යක්ෂකවරයෙකු ලෙස මෙන්ම, ශ්රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇති කරුණාරත්න මහතා ශ්රී ලංකාවේ හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ ප්රධාන ලේකම්වරයාද වේ.