ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී බිෂොප් ඇමති රවි හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රෙලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය, අද (19දා) විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ඇතුළු දූත පිරිස අංක AI - 281 දරණ ගුවන්යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ.
විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී පිළිගනු ලැබිය.
ශ්‍රී ලංකාවේ පැතිර යමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ සහාය ලබාදෙන බව ඔස්ට්‍රෙලියානු විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය ප්‍රකාශ කරනු ඇති බව එම තානාපති කාර්යාලය පවසා තිබුණි.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සංවර්ධන ක්‍රියාවලියේදී පවතින දීර්ඝ කාලීන සබඳතාවේ තවත් එක් අවස්ථාවක් ලෙසද තානාපති කාර්යාලය මෙය පෙන්වා දී තිබුණි.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, රජයේ අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා සමගද සාකච්ඡා පවත්වනු ඇති බව එම තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා තිබුණි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

