තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ දැවැන්ත සමාගමක් වන ඔරකල් හි ප්‍රධාන විධායක නිලධාරී ලැරී එලිසන් වසර 37ක දීර්ඝ ගමනකින් පසු සිය ධුරයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, ලෝකයේ පස්වැනි ධනවතා ලෙස සැලකෙන එලිසන් එම සමාගමේ සභාපති හා ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස තවදුරටත් කටයුතු කරනු ඇති බව එම සමාගම නිවේදනය කරයි.
ඒ අනුව, එලිසන්ගෙන් හිස්වන ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා මාර්ක් හර්ඩ් සහ සෆ්රා කට්ස් සම-ප්‍රධාන විධායක නිලධාරීන් ලෙස කටයුතු කරනු ඇති බව සමාගම වැඩිදුරටත් පවසා සිටියි.
70 වැනි වියෙහි පසුවන එලිසන් ඔරකල් සමාගමේ ප්රාරම්භක සාමාජිකයෙකු වන අතර, 1977 දී බොබ් මයිනර් හා එඩ් ඔඒට්ස් ඔහු සමග එක්ව ඔරකල් ගොඩනැගීය.
ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වෙමින්, තම නිෂ්පාදනවල තාක්ෂණික සංවර්ධනයන් සඳහා වැඩි කාලයක් යොමුකරමින්, සමාගම තවදුරටත් සෞභාග්‍යමත් අනාගතයක් වෙත ගෙන යෑම ඔහුගේ අභිලාෂය වී ඇති බව ඔරකල් අධ්යක්ෂ මණ්ඩලය පවසයි.