ඔඩෙල් පීඑල්සී හි ඔටාරා ගුණවර්ධන, අජිට් ගුණවර්ධන හා රුචී ගුණවර්ධන යන සොයුරු සොහොයුරියන්ට අයත් සියලුම කොටස් අද (11දා) දිනයේදී සොෆ්ට්ලොජික් සමූහය වෙත විකුණා තිබේ.
මෙම ගනුදෙනුවේදී ඔටාරා ගුණවර්ධන අයත් කොටස් මිලියන 80.8ක්, අජිට් ගුණවර්ධනට අයත් කොටස් මිලියන 39.4ක් සහ රුචී ගුණවර්ධන අයත් කොටස් මිලියනයක් කොටසක් රු.22/- බැගින් විකුණා ඇති අතර, ඒ අනුව, සොෆ්ට්ලොජික් සමූහය ඔඩෙල් සමාගමේ 44.5% කොටස් අයිතියේ හිමිකාරීත්වය ලබාගෙන තිබේ.
කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ගවලට අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රු.බිලියන 2.6කට වැඩිය.
ඔඩෙල් සමාගමේ සෙසු කොටස් හිමිකාරීත්වය මේ වනවිට මැලේසියානු පාර්ක්සන් සමාගම විසින් දරණ අතර, එම කොටස් අයිතියද ඔටාරා ගුණවර්ධන විසින් මීට පෙර එම සමාමට විකුණා තිබුණි.
මේ අතර, ඔටාර් ගුණවර්ධන මහත්මිය තවත් දැවැන්ත ආයෝජනයකට සූදානම් වන බවද කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.