2017 සැප්තැම්බර් මාසයේ පැවති 8.6%ක් වූ ලක්ෂ්යමය උද්ධමනයට සාපේක්ෂව, 2017 ඔක්තෝබර් මාසයේදී උද්ධමනය 8.8%ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන ඔක්තෝබර් මස ලක්ෂ්යමය උද්ධමනය කෙරෙහි සැපයුම් අංශයෙහි අහිතකර ප්රවණතා හේතුවෙන් ආහාර කාණ්ඩයට අයත් අයිතමයන් හි මිල ගණන් ඉහළ යෑම හේතු වී තිබේ.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මිල දර්ශකයෙහි වෙනස 2017 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ 6.8%හි සිට 2017 ඔක්තෝබර් මාසයේදී 7.1% දක්වා ඉහළ ගොස් තිබේ.