නව රජය බලයට පත්වීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් එතනෝල් ආනයනය කිරීම සඳහා අලුතින් බලපත්‍ර 28ක් නිකුත් කර ඇති බවට හිටපු ජනාධිපතිවරයා සිදුකර ඇති ප්‍රකාශයක් මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි.
මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය කිරීම සුරාබදු දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවයි. එහිදී, මත්පැන් නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතන කිහිපයක් තිබෙන අතර, ඒවායේ මත්පැන් නිෂ්පාදනයේ නිමැවුම් අනුව නැවත එතනෝල් ආනයනය කිරිමේ බලපත්‍ර සුරාබදු දොපාර්මේන්තුවේ නිර්දේශය මත ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් නිකුත් කරනු ලබන්නේ සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයට අනුව බවත්, මුදල් අමාත්‍යවරයාගේ කිසිදු නිර්දේශයක් හෝ අධික්ෂණයක් මේ සඳහා අවශ්‍ය නොවන බවත් අමාත්‍යාංශය කියයි.
යහපාලන රජයෙන් මාස තුනක් ඇතුළත එතනෝල් බලපත්‍ර 28ක් ලබාදී ඇති බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පවසා ඇතැයි හිටපු ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කර තිබෙන බවත්, මුදල් අමාත්‍යවරයා විසින් එතනෝල් බලපත්‍ර ලබාදී ඇතැයි යනුවෙන් හුවා දැක්වීමට කර ඇති මෙම ප්‍රකාශය සත්‍ය විකෘති කිරීමක් හා මහජනතාව නොමග යවනසුළු දෙයක් බවත් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.