එක්සත් ජාතීන්ගේ අභාවප්‍රාප්ත නේවාසික සම්බන්ධීකාරිකා උනා මැකෝලි මහත්මියගේ අවසන් කටයුතු ඇගේ කැමැත්ත පරිදි කොළඹදී සිදුකිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඒ අනුව, ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මාර්තු 02 වැනි සිකුරාදා ප.ව.1.30 සිට 3.30 දක්වා කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, ජයරත්න 'රෙස්ට්පෙක්ට්' අවමංගල්‍ය ශාලාවේ දේහය තැන්පත් කරනු ලැබේ.
ආදාහනය එදින සවස 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේ නව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.
එහිදී, මැකෝලි මහත්මියගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ කිරීමට සහ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගෙ සහකාර මහලේකම් හවුලියෑං ෂූ මහතා දිවයිනට පැමිණෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්ෂිකා කන්නි විග්නරාජා මහත්මියද අවමංගල්‍ය උත්සවයට සහභාගී වනු ඇති බව වැඩිදුරටත් පැවසේ.