සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් දිවයිනේ ප්‍රධාන ස්ථාන 324ක් කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන දිවි නැඟුම අවුරුදු පොළ දැන් ආරම්භ වී තිබේ.
අප්‍රේල් මස 07 සිට 12 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පැවැත්වෙන මෙම දිවි නැඟුම අවුරුදු පොළවල් මගින් අවුරුද්දට අවශ්‍ය උසස් තත්ත්වයේ කාන්තා, පිරිමි සහ ළමා නිමි ඇඳුම්, රෙදිපිළි, පාවහන්, සහල්, පොල්, නැවුම් එළවළු සහ පලතුරු, දේශීය කැවිලි, ධාන්‍ය වර්ග, විවිධ පැළ වර්ග, කුළුබඩු, විසිතුරු මසුන්, ඖෂධ පැළ, සත්ව නිෂ්පාදන මේන්ම දේශීය කර්මාන්තකරුවන්ගේ විවිධ භාණ්ඩ ඉතා අඩු මිලට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ පහසුකම් සළසා ඇති බව පැවසෙයි.
මෙම දිවි නැගුම අවුරුදු පොළ හරහා හාල්, පොල්, කිරිපිටි, පරිප්පු, ධාන්‍ය වර්ග, සැමන් ආදි වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් සුවිශේෂි අඩු මිලකට ලබාගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට හිමිවී ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.