ආසන්න කාලසීමාවේදී මෙරට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉදිකිරීම් ක්ෂේත්රය, අතිවිශාල බැංකු ණය ප්‍රමාණයක් මත රඳා පවතින බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියේය.
ඒ මහතා මේ බව අනාවරණය කළේ ඊයේ (08දා) ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මේ තත්ත්වයත් සමගම ඉදිකිරීම් ක්ෂේත්රය තුළ යම්කිසි ආකාරයක ඉදිකිරීම් බුබුලක් හට ගෙන එය ආර්ථික අර්බුයකට පත්වීමේ හැකියාවක් පවතින බවද අධිපතිවරයා අවධාරණය කළේය.
ඒ අනුව මේ ක්ෂේත්රය සම්බන්ධයෙන් මහ බැංකුව වඩාත් ප්‍රවේශමෙන් අධ්‍යයනය කරමින් සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සහ සහකාර අධිපතිවරුන් ඇතුළුව එම බැංකුවේ ප්‍රධාන නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.