ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් 2015 වර්ෂය සඳහා තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යවසායකයන්ට, ඇලුමිනියම් පිරි සැකසුම (Aluminum Fabrication) පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක උසස් තාක්ෂණික පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහනේදී ඇලුමිනියම් දොර ජනෙල්, ෆ්‍රේම් වර්ග, ගෘහ භාණ්ඩ, කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන, නිවාස පාටිෂන් කිරීම, රාක්ක වර්ග ඇතුළු නිෂ්පාදන රැසක් පිළිබඳ නවීන තාක්ෂණය සහිත නව නිර්මාණ පිළිබඳ දැනුමක් ලබා ගත හැකි බව පවසයි.
දැනට මෙම කර්මාන්තයේ නියලී සිටින ව්‍යවසායකයින්ගෙන් සීමිත පිරිසක් මෙම වැඩසටහන් සඳහා තෝරාගනු ලබන බවත්, ලියාපදිංචිවීම සඳහා තොරතුරු ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ idbcolombo@gmail ට ඊමේල් පණිවිඩයක් එවීම මගින් ලබා ගත හැකි බව ඔවුන් පවසයි.