දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ඒ. ෂැනන් (කනිෂ්ඨ) මහතා සමග විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් ආවරණය කරන බවත්, නීතිය ක්‍රියාත්මක කිරීම,මත්ද්‍රව්‍ය විරෝධී පියවර, ත්‍රස්ත විරෝධී පියවර, මූල්‍යමය සහ ණය පිළිබඳ අභියෝගයන්ට මුහුණ දීමට සහායවීම, නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය සහ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම, සංහිඳියාව සහ ජීවනෝපාය මාර්ගවලට සහාය දීමේ ප්රයත්න සහ හමුදා සහයෝගිතාව ඉන් කිහිපයක් බවත් එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රසාද් කාරියවසම් මහතා සඳහන් කර තිබේ.
ෂැනන් තානාපතිවරයා සිය කතාවේදී මෙයින් සමහරක් ගැනත්, නව සහයෝගිතා ක්ෂේත්‍ර සහ ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ගැනත් පවසා තිබේ.