ආර්ථික සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව මැයි මස 20 වැනිදා පෙරවරු 9.00ට මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සංවිධානය කර ඇති මේ සමුළුවට විදේශ රටවල වෘත්තිකයන්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්, ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ විශේෂඥයන් ඇතුළු 200ක් පමණ සහභාගි වීමට නියමිතය.