ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන %ආයුර්වේද එක්ස්පෝ 2015^ ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනයේ නිල එළිදැක්වීම පසුගිය මස 27 වැනිදා යුනියන් පෙදෙස, කොළඹ 02 පිහිටි හිල්ටන් රෙසිඩන්ස් හිදී පැවැත්විණි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, වා‘ණිජ දෙපාර්තමේන්තුව සහ තවත් විවිධ ආයතනවල සහයෝගයෙන් දින තුනක දැවැන්ත ප්‍රදර්ශනය ජූලි මස 3, 4 හා 5 යන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රජයේ ප්‍රධාන නිලධාරීන්, පෞද්ගලික අංශයේ ප්‍රධානීන් සහ තවත් සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වූහ.