ආනයනික සහල් සඳහා දැනට පවතින බදු තවදුරටත් පහළ දැමීමට ක්‍රියාකරමින්, ඊයේ (27දා) මධ්‍යම රාත්‍රියේ සිට ආනයිනක සහල් කිලෝවක් සඳහා දැනට පවතින රු.15ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු.5ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ජනතාවට කඩිනමින් සහන සැලසීමේ අරමුණින් ජනාධිපතිවරයා හා අග්‍රමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යවරයා විසින් මෙම බදු පහළ දැමීම සිදුකළ බව මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ බදු අඩු කිරීම රතු කැකුළු, නාඩු සහ සම්බා යන සහල් වර්ග සඳහා පමණක් වන අතර, බාස්මතී සහල් වෙනුවෙන් මෙම සහනය හිමි නොවන බවද කියයි.
එමෙන්ම, අනවශ්‍ය ලෙස සහල් තොග රඳවාගෙන ඉහළ මිලට අලෙවි කළ කූඨ වෙළෙඳුන්ගේ ක්රියාකලාපයන්ට ප්‍රතිචාර වශයෙන් රජය මෙසේ ආනයනික සහල් සඳහා බදු පහළ දැමීමට තීරණය කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.