අලුත් ශ්‍රී ලංකාව ලොවට යන තේමාව රැගත් රොහාන් වැලිවිට මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කරන ලද තිනෙත චන්ද්‍රකා රූපවාහිනී විකාශන කටයුතු ඊයේ (18දා) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පොල්හේන්ගොඩ පිහිටි එම කාර්යාලයේදී ආරම්භ කෙරිණි.
මෙම රූපවාහිනී නාලිකාව ඔස්සේ යුද්ධයට පසු ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ සංවර්ධනයට අදාළ වැඩසටහන් විකාශනය කිරීමට සැලසුම් කර ඇත. විකාශන කටයුතු ආසියාව මැදපෙරදිග, යුරෝපය සහ ඔස්ට්‍රේලියා ඇතුළු රටවල් 116ක පමණ සිදු කිරීමට නියමිතය.
මෙම නාලිකාවේ පර්යේෂණ විකාශන කටයුතු පසුගිය ජූලිමස 16 වැනි දින සිට ආරම්භ කර ඇති අතර, සඳුදා සිට සිකුරාදා දක්වා දිනකට පැය 4 බැගින්ද, සති අන්තයේ පැය 8 බැගින්ද මෙහි විකාශනය කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති මොන්චාවු ජින් පෝල්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පැමිණ සිටියහ.