ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස මෙරට අන්තර්ජාතික බැංකුකරුවෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඔහු වෙත මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය හිමිවෙනු ඇති බවටද පසුගිය දිනවල විවිධ කතා පැවතුණි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර හා දේශීය බැංකු ක්ෂේත්රය තුළ වසර 30ක පමණ අත්දැකීම් ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් දර්ශනවාදය, දේශපාලන හා ආර්ථික විද්‍යා පශ්චාත් උපාධි ලබාගත්තෙකි.
මීට පෙර රනිල් වික්රනමසිංහ රජයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද හෙතෙම කටයුතු කර තිබුණි.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා බොහෝ විට හෙට (16දා) දිනයේදී වැඩභාර ගනු ඇති බව වාර්තා වෙයි.