අධ්‍යාපනය, අනාගත සාර්ථකත්වය කරායාමට ගමන් බලපත්‍රයක් ලබාදීමේ අරමුණින් එළැඹෙන ඔක්තෝබර් මස බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
2015ඔක්තෝබර් මස 02 , 03 සහ 04 යන දිනවලදී නොකඩවා 10 වැනි වරටත් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ වඩාත්ම ඉලක්කගත උසස් අධ්‍යාපනික හා වෘත්තීය අවස්ථා පිළිබඳ වූ ‘අධ්‍යාපන 2015’ ප්‍රදර්ශනය මෙරටදී හෝ විදේශයකදී උසස් අධ්‍යාපන කටයුතු වැඩිදුරටත් කරගෙන යාමේ ඒකායන බලාපොරොත්තුවෙන් පසුවන සිසුන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වන්නකි.
කොළඹදී පැවැත්වෙන ප්‍රදර්ශනය, ‘අධ්‍යාපන’ ප්‍රදර්ශන මාලාවේ ප්‍රධාන අංගය වන අතර, ‘ADYAPANA KALVI’ ප්‍රදර්ශනය අති සාර්ථක අන්දමින් 2015 ජනවාරි මසදී යාපනයේදී පැවැත්විණි.
අධ්‍යාපන ක්ෂේත්රය තුළ වර්තමානයේදී අධික තරගකාරීත්වයක් පැවතුණද, සිය අධ්‍යාපනික ඉලක්ක සපුරාගැනීමේ මධ්‍ය වේදිකාවක් ලෙස පසුගිය වසර ගණනක කාලය මුළුල්ලේ සිසුන්ගේ අවධානයට පාත්‍ර වූ ‘අධ්‍යාපන’ ප්‍රදර්ශනය තුළින් මේ දක්වා තම උසස් අධ්‍යාපන මාවත හෙළි පෙහෙළි කරගත් සිසුන් ගණන අතිමහත් බව කියයි.
පසුගිය වසරේදී, විවිධ පාඨමාලා, ශිෂ්‍යයන් ඉලක්ක කරගත් වැඩසටහන්, උසස් අධ්‍යාපන අවස්ථා සහ රැකියා අවස්ථා ඇතුළු අංශ ගණනාවක් ආවරණය කරමින් 150කට අධික ප්‍රදර්ශන කුටි වලින් සමන්විත වූ මෙම ප්‍රදර්ශනය, පැවැත්වුණු තෙදින තුළදී 12,000කට අධික සිසුන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත්ව තිබේ.