ශ්‍රී ලාංකිකයන් තුළ අතීතයේ සිට පැවැත එන ව්‍යවසායකත්ව හැකියාව යළි අවදි කරවා ගැනීමට කාලය එළඹ ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට රජය මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව හෙතෙම පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධානය කළ නව ව්‍යවසායකයන් 2000ක් බිහිකිරීමේ වැඩසටහන් මාලාවේ මාතර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.