ජපානයේ පස් දින නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා) ආර්ථික, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍ය යුයිචි මියසාවා මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
ටෝකියෝ නුවර, ඉම්පීරියල් හෝටලයේ පැවැති මෙම හමුවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, මුදල් අමාත්‍ය රවි කරුණානායක, විද්‍යා තාක්ෂණ හා තාක්ෂණ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා නව තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය මොන්ටි කාසිම් යන මහත්වරු මෙම හමුවට එක්ව සිටියහ.