කොළඹ කොටස් වෙළෙඳ පොළ හා එහි පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ආයතනය එක්ව CDS e-connect නමින් ඉතාම ආරක්ෂිත විද්‍යුත් ව්‍යාපාරික ද්වාරයක් CDS ගිණුම් හිමියන් වෙත හඳුන්වා දීම පසුගියදා සිදුවිය.
මෙම නව හඳුන්වාදීම හරහා CDS ගිණුම් හිමියන්ට ගනුදෙනු තොරතුරු, ආයෝජන කළඹ පිළිබඳ වාර්තා සහ පෙර මාසික වාර්තා ආදිය ලබා ගැනීමේ අවස්ථාව උදාවේ. ආන්තික පහසුකම් (Margin Facility) සපයන ආයතනවලට පවා එක් පරිශීලක අනන්‍යතාවක් ( User ID) හරහා ගිණුම් කිහිපයකට අවතීර්ණ වීමේ හැකියාව මෙහි ඇති සුවිශේෂීභාවය බව කොළඹ කොටස් වෙළෙඳ පොළ කියයි.
මේ ආකාරයට e-connect සේවාව හඳුන්වාදීම හරහා CDS ගිණුම් හිමියන්ට විද්‍යුත් සේවා සපයන අනෙකුත් ජාත්‍යන්තර කොටස් වෙළෙඳ පොළවල් සමග එක්වීමේ අවකාශය ශ්‍රී ලංකාවටද ලැබෙන අතර, කලාපයේ ඉතාම ප්‍රබල කොටස් වෙළෙඳ පොළවලද මේ හා සමාන පහසුකම් ආයෝජකයන්ට සපයනු ලැබෙන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.
e-connect සේවාවෙහි තාක්ෂණික සැපයුම්කරු ලෙස ලන්ඩන් කොටස් වෙළෙඳ පොළ සමූහයෙහි සමාගමක් වන Millennium Information Technologies (MIT) ආයතනය කටයුතු කරයි. මධ්‍යම තැන්පතු ක්‍රම පද්ධතියෙහිද තාක්ෂණික සැපයුම්කරු වන්නේ මෙම සමාගමයි.
CDS e-connect සේවාව හඳුන්වා දීමට ප්‍රථමයෙන් CDS ආයතනය මගින් කෙටි පණිවිඩ දැනුම්දීම් සේවාව, විද්‍යුත් CDS ප්‍රකාශ සේවාව ආදිය හඳුන්වාදෙනු ලැබීය. එමෙන්ම, ඉතාම මෑතකදී හඳුන්වාදෙනු ලැබූ ජංගම දුරකථනය මගින් ගනුදෙනු කිරීමේ අවකාශයන් හරහාද අපේක්ෂා කරනුයේ වඩාත් සක්‍රීය ආයෝජක සහභාගීත්වයක් බවද කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.
CDS e-connect හරහා සපයන සේවාවන්
-
මීළඟ වෙළෙඳ පොළ දිනයට අදාළ සාංගමික ක්‍රියාකාරකම්, ගනුදෙනු හා ආයෝජන කළඹ වෙනස්වීම් පිළිබඳ දැන්වීම් හා පූර්ව දැනුම්දීම්.
-
එකම පරිශීලක අනන්‍යතාවකින් ගිණුම් කිහිපයකට අවතීර්ණ වීමේ හැකියාව.
-
ගිණුම් ශේෂය පරික්ෂාව.
-
පසුගිය මාස හය තුළ ගනුදෙනු ඉතිහාසය.
-
CDS පද්ධතියෙහි දත්ත පරික්ෂාව.
-
වර්තමාන මාසික වාර්තාව.
-
මාස හයක කාල සීමාවක් සඳහා මාසික වාර්තා පරිශීලනය.
-
අතිරේක මාසික වාර්තා ඉල්ලුම් කිරීම.