A350 යානා ගිවිසුම අවසන් කිරීම ගැන කරුණු පහදයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම A350 ගුවන් යානා 3ක් නැවත එම සමාගම වෙත බාරදීම සම්බන්ධයෙන් ඇ.ඩො. බිලියන 150 දඩ මුදලක් ගෙවා ඇති බවට සාවද්‍ය ලෙස පුවත් වාර්තා කර ඇතත් ගුවන් සමාගම විසින් ඒ වෙනුවෙන් ගෙවා ඇත්තේ ඇ.ඩො.මිලියන 98 මුදලක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් බිලියන 14.7 මුදලක් පමණ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.
ජාතික ගුවන් සේවයේ වත්මන් කළමනාකාරීත්වය මුහුණ දුන් අභියෝග අතරින් මීට පෙර පැවැති කළමනාකාරීත්වය විසින් A350 ගුවන් යානා 8ක් ඇණවුම් කිරීමේ තීරණය ප්‍රබල වේ.
මෙම ගුවන් යානා ලබාගැනීම් සම්බන්ධයෙන් පවතින කිසිදු ව්‍යාපාර සැලැස්මක් හෝ දිගුකාලීනව මෙම ගුවන් යානා පවත්වා ගැනීම සම්බන්ධයෙන් සැලැස්මක් සිදුකර නොමැත. ගුවන් සමාගම විසින් මේ සඳහා උපදේශකවරයෙකු පත්කර A350 ගුවන් යානා සහ B787 ගුවන් යානා පිළිබඳ සැසඳීමක් සිදුකර ඇතත් එමගින් දිගු කාලීන ලෙස මෙම ගුවන් යානා පිරිමැසුම්දායිව යොදා ගත හැකිද යන්න සොයා බලා නැති බවද ගුවන් සමාගම නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

