Visa මෙරට SME ඩිජිටල් පරිවර්තනය වේගවත් කරයි
Visa ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “Scale Up 2.0” ජාතික SME සමුළුව 2026 සඳහා අනුග්‍රහය දක්වමින්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රයේ ඩිජිටල් සවිබලගැන්වීම සහ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා සිය සහයෝගය තහවුරු කර තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට, තාක්ෂණය හරහා තම ව්‍යාපාර පුළුල් කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සමුළුව පැවැත්විණි.
'Connected. Competitive. Ready to Grow' යන තේමාව යටතේ පැවැති “Scale Up 2.0” සමුළුවේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව වෙළෙඳපොළ අවස්ථා වෙත ප්‍රවේශ වීමට, ශක්තිමත් ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ තරගකාරීත්වය වැඩිදියුණු කරමින් තිරසාර වර්ධනය කරා ගමන් කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වන නව වෙළෙඳපොළ අවස්ථා දිනාගැනීම, අගය දාමයන් හා එක්වීම, ප්රමිතිකරණය, ආයෝජන ලබාගැනීමේ සූදානම, ව්‍යාපාර පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය වැනි කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙහි Platinum Partner ලෙස “Scale Up 2.0” සමුළුවට සහාය වූ Visa ආයතනය වෙනුවෙන් අදහස් දැක්වූ Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිණී අවන්ති කොළඹගේ මහත්මිය, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රයේ අනාගත වර්ධනය සඳහා ඩිජිටල් පරිවර්තනය සහ සුරක්ෂිත ගෙවීම් යටිතල පහසුකම් තීරණාත්මක සාධක වන බව කියා සිටියාය. ව්‍යාපාරවලට නව අවස්ථා විවෘත කරමින්, දේශීය හා ගෝලීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීමට මෙම පහසුකම් වැදගත් පදනමක් සපයන බවද ඇය පෙන්වා දුන්නා.
"සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත්ම පදනමක් වන අතර, රටේ ව්‍යාපාරික පරිසරයේ නවෝත්පාදන සහ වර්ධනය සඳහා ඔවුන් විශාල දායකත්වයක් ලබා දෙනවා. වර්තමානයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයින් ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින්, නව වෙළෙඳපොළ අවස්ථා සොයමින් සහ තම ව්‍යාපාර ගෝලීය මට්ටමට ගෙන යාම සඳහා සූදානම් වෙමින් සිටිනවා. මෙම ගමනේදී ඩිජිටල් ගෙවීම්, තාක්ෂණික විසඳුම්, දැනුම සහ සබඳතා ඔවුන්ට අත්‍යවශ්‍ය පහසුකම් සපයනවා. Visa හි අපගේ අරමුණ වන්නේ නව්‍ය විසඳුම් සහ සහයෝගීතා හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වඩාත් විශ්වාසයෙන් යුතුව වර්ධනය වීමට අවශ්‍ය ශක්තිය ලබාදීමයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල අනාගතය නිර්මාණය කිරීමේදී ඩිජිටල් සේවාවන්, සරල ව්‍යාපාරික විසඳුම්, පහසු මූල්‍ය ප්රවේශයන් සහ විශ්වාසනීය ගෝලීය ගෙවීම් හැකියාවන් කෙරෙහි පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා එකිනෙකට වෙනස් වන බැවින්, ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතීන් සහ වර්ධන අරමුණුවලට ගැලපෙන පරිදි සකස් කළ විසඳුම් ලබා දීම මෙම ක්ෂේත්රයේ ප්‍රගතිය උදෙසා තීරණාත්මක වෙනවා" යැයි අවන්ති කොළඹගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
"සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගෝලීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේදී දේශසීමා හරහා ගනුදෙනු කිරීමේ පහසුව ප්‍රධාන සාධකයක් බවට පත්වෙනවා. ඩිජිටල් වාණිජ්‍යය සහ නව්‍ය ගෙවීම් පද්ධති මඟින් ව්‍යාපාරවලට ජාත්‍යන්තර පාරිභෝගිකයන් හා සැපයුම්කරුවන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමටත්, වඩාත් කාර්යක්ෂම ගනුදෙනු ක්‍රමවේදයන් අනුගමනය කිරීමට හැකියාව ලැබෙනවා. SME ව්‍යාපාරවලට අවශ්‍ය වන්නේ තනි විසඳුම්වලට සීමා වූ සේවාවන් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වර්ධනයට දිගුකාලීනව සහාය වන හවුල්කාරීත්වයන්. අප විසින් සුරක්ෂිත සහ පහසු ගෙවීම් විසඳුම් හරහා SME ව්‍යාපාරවලට දෛනික මෙහෙයුම් පහසු කිරීමට, නව ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට සහ ව්‍යාපාර පුළුල් කිරීමට සහාය වීමට කටයුතු කරනවා. එහිදී අප ගනුදෙනු සක්‍රීය කිරීම පමණක් නොව, ව්‍යාපාරවල වර්ධනය සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමද සිදු කරනු ලබනවා" යැයි බ අවන්ති කොළඹගේ මහත්මිය තවදුරටත් පවසා සිටියාය.
මෙහිදී, අදහස් දක්වමින් ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රයට වඩාත් ශක්තිමත් මාවතක් නිර්මාණය කිරීම ‘Scale Up 2.0’ හි මූලික අරමුණයි. ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර වඩාත් විශ්වාසයෙන් යුතුව ව්‍යාප්ත කිරීමට සහ ගෝලීය තරගකාරීත්වයට සූදානම් වීමට වෙළෙඳපොළ, මූල්‍ය, තාක්ෂණික සහ උපායමාර්ගික සම්පත් වෙත ප්‍රවේශය අවශ්‍යයි. ලංකා වාණිජ මණ්ඩලය ලෙස, මෙම සියලු පාර්ශ්ව එකට සම්බන්ධ කරමින් SMEs වෙත අවශ්‍ය දැනුම, සබඳතා සහ ව්‍යාපාරික අවස්ථා ලබාදීමට අප කටයුතු කරනවා” යැයි සඳහන් කළේය.
'Scale Up 2.0' සමුළුව සඳහා Visa දක්වන ලද මෙම දායකත්වය මගින් පිළිබිඹු වන්නේ, ව්‍යාපාර ඩිජිටල් ලෙස බලගැන්වීමට සහ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට එකිනෙකා හා සම්බන්ධ වීමට, තරග කිරීමට සහ වර්ධනය වීමට හැකි ව්‍යාපාරික පරිසර පද්ධතියක් ශක්තිමත් කිරීමට දක්වන නිරන්තර කැපවීමයි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්රය නව අවස්ථා සහ අභියෝග සමඟ අඛණ්ඩව පරිණාමය වන බැවින්, ව්‍යවසායකයින්ගේ වර්ධන අපේක්ෂාවන් තිරසාර ආර්ථික වටිනාකමක් බවට පත් කිරීම සඳහා විවිධ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව තවදුරටත් වැදගත් වනු ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශය, මූල්‍ය ක්ෂේත්රය, වාණිජ මණ්ඩල සහ තාක්ෂණික පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාවය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දිගුකාලීන සාර්ථකත්වය සඳහා ප්‍රධාන සාධකයක් වනු ඇත.
‘Scale Up 2.0’ සඳහා Visa හි දායකත්වය, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ඩිජිටල් හැකියාවන් ශක්තිමත් කරමින්, ඔවුන්ට නව සබඳතා ගොඩනඟා ගැනීමට, තරගකාරීත්වය ඉහළ නංවා ගැනීමට සහ නව වර්ධන අවස්ථා වෙත ප්‍රවේශ වීමට සහාය වන පරිසරයක් ගොඩනැඟීම සඳහා Visa දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරයි. ඉදිරියේදීද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වර්ධන අරමුණු ප්‍රායෝගික ව්‍යාපාරික අවස්ථා බවට පත් කිරීම සඳහා ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ශක්තිමත් සහයෝගීතාව තවදුරටත් වැදගත් වනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

