දිවයින පුරා විසිර සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තොරතුරු කඩිනමින් ලබාගැනීමත්, ඔවුන්ගේ ව්‍යාපාර පහසුවෙන් කරගෙන යෑමත් අරමුණු කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තොරතුරු ඇතුලත් ඩිජිටල් දත්ත ගබඩාවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් ස්ථාපිත කර තිබේ.
ශ්‍රී ලංකාවේ මෙතෙක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳව ඉලෙක්ට්‍රොනික පද්ධතියක් නොතිබූ අතර, ප්‍රථම වරට මෙවැනි දත්ත ගබඩාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. මෙවැනි දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීම තුළින් වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ජාලයක් බිහිකිරීමට හැකියාව ලැබෙනු ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා පවසයි. නවීනම තාක්ෂණය භාවිත කරමින් මෙම ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව සකස් කිරීමට NEDA පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතරින් ලක්ෂ එකහමාරක පමණ පිරිසක් NEDA සමග සෘජුව කටයුතු කරනු ලබයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තොරතුරු මෙලෙස පරිගණකගත කිරීම තුළින්, ව්‍යවසායකයන් අතර ව්‍යාපාරික තොරතුරු ලබාගැනීම, තාක්ෂණික දැනුම හුවමාරුකර ගැනීම, වෙළෙඳ පොළ තොරතුරු ලබාගැනීම, බැංකු කටයුතු පහසු කරගැනීම ආදී කාර්යයන් ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව කර ගැනීමට එම ව්‍යවසායකයන්ට අවස්ථාව උදාවෙන බවද NEDA සඳහන් කරයි.
මෙම ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව සැකසීමට සමගාමීව NEDA යටතේ කටයුතු කරනු ලබන සංවර්ධන නිලධාරීන් 250කට ටැබ් පරිගණක ලබාදෙන අතර, මෙම ව්‍යසායකත්ව තොරතුරු ජාලගත කිරීමේ ව්‍යාපෘතියේ වටිනාකම රු.මිලියන 30ක් වන බවත්, එම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ පරිගණක සමාගමක් විසින් NEDA වෙත නොමිලේ සිදුකරදී ඇති බවත් පෙන්වා දෙයි.