නවක ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළ අත්දැකීම් ඇතුළු අවස්ථා ලබාගැනීමට ප්‍රංශයේ “SIAL” ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේදී අවස්ථාව ලැබුණු බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
2018 "SIAL" වෙළෙඳ ප්‍රදර්ශනය ප්‍රංශයේ පැරිස්හිදී 2018 ඔක්තෝම්බර් 21 සිට 25 දක්වා සාර්ථකව පැවැත්වුණු බවත්, සංවිධායකයන් විසින් පවසන ආකාරයට ආහාර කර්මාන්තයේ නියැලෙන ගෝලීය ව්‍යවසායකයන්ට තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තරඟකාරී වේදිකාවක් නිර්මාණය කිරීම පිණිස යුරෝ මිලියන ගණනක ගනුදෙනු පහසුකම් මෙමගින් සපයා ඇත.
2018 SIAL ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකේය සහභාගීත්වය තහවුරු කරමින් ප්‍රධාන සමාගම් දාහහතරක් සහභාගී වී ඇති අතර නවක අපනයනකරුවන් ලෙස ප්‍රදර්ශනය සඳහා AW SeafoodසහWANASINGHE HOLDINGS (Pvt) Ltd යන ආයතනවලට තම නිෂ්පාදන ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
මෙම සමාගම් ප්‍රංශයේ (SIAL) ප්‍රදර්ශනයෙන් ප්රතිලාභ ලබාගැනීමට සමත්ව ඇති අතර, නිෂ්පාදන මිලදී ගැනීම සඳහා උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් සොයාගැනීමටද සමත් වූ බව පෙන්වා දෙයි. මේ සඳහා අවශ්‍ය සියලු සංවිධාන කටයුතු සිදුකරනු ලැබුවේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගිනි.