මහජන බැංකුව, Oktoberfest at the Edge 2026 හි නිල බැංකුකරු ලෙස කටයුතු කළ බව නිවේදනය කරයි.
මෙම උත්සවය දින තුනක් පුරා වෝටර්ස් එජ් හිදී පැවති අතර, ආහාර පාන, දිවයිනේ ප්රමුඛතම සංගීත කණ්ඩායම් ඉදිරිපත් කළ ප්රසංග ඇතුළු විනෝදාස්වාද අංග රැසකින් එය සමන්විත විය.
මෙහිදී, පීපල්ස් ක්රෙඩිට් කාඩ්පත් හිමියන්ට ප්රවේශපත්ර සඳහා 25%ක වට්ටමක්ද හිමිවිය. මීට අමතරව, විශේෂ කාඩ්පත් ප්රවර්ධන වැඩසටහනක්ද එම කාලය පුරා පැවැත්විණි.