60 වසරක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දිවයිනේ වෙනත් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නව නිපැයුම් සහ නවෝත්පාදන ඒකරාශී කරමින් 2019 අප්‍රේල් 2 සහ 3 යන දෙදින කොළඹ BMICH හිදී දැවැන්ත ප්‍රදර්ශනයක් 'Innovative Sri Lanka-2019' නමින් පැවැත්වීමට සූදානම් වෙයි. මෙහිදී, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය, ව්‍යවහාරික, ඉන්ජිනේරු, තාක්ෂණ විද්‍යා, කළමනාකරණ හා වාණිජ්‍ය විද්‍යා සහ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ක්ෂේත්රවල නව නිපැයුම් සහ නවෝත්පාදනද එළිදැක්වේ. මෙම ප්‍රදර්ශනය අප්‍රේල් 02දා පෙ.ව.8.30 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේරත්න යන මහත්වරුන් අතින් විවෘත වීමට නියමිතය.
විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන නවෝත්පාදන ප්‍රදර්ශනයේදී ආහාර හා කෘෂිකර්මාන්තය, බලශක්තිය හා පරිසරය, පොලිමර් තාක්ෂණය, ජීව වෛද්‍යා හා සෞඛ්‍ය සේවා, රොබෝ තාක්ෂණය, ජනමාධ්‍ය සන්නිවේදනය සහ නිර්මාණාත්මක කලාව, නගර නිර්මාණය හා තිරසාර සංවර්ධනය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.
මීට අමතරව, විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන පර්යේෂණ මධ්‍යස්ථාන 15ක් සඳහාද මෙහිදී අවස්ථාව ලබාදී ඇති අතර, ශිෂ්‍යයන් විසින් ආරම්භ කරනලද මුල් අවස්ථා ව්‍යාපාර, 26 සඳහා අවස්ථාව ලබාදී ඇත. විශ්ව විද්‍යාලය තුළින් බිහි වූ විශිෂ්ට ව්‍යවසායකයන් සඳහා විශේෂ අවධානයක් මෙම ප්‍රදර්ශනය මගින් යොමුකර ඒ සඳහා අවස්ථාව ලබාදී ඇත.