මැතකදී හම්බන්තොටදී ඉදිකිරීම් ආරම්භ කරන ලද ඛණිජ තෙල් පිරිපහදු සංකීර්ණය ඇතුළු සියලුම සෘජු විදේශ ආයෝජන රට තුළට ගලා එනු ලබන්නේ නීත්‍යනුකූල සම්මත බැංකු පද්ධතිය හරහා බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
ආමුඛ ආයෝජන ගිණුම (Inward Investment Account – IIA) හරහා රට තුළට එන ආයෝජන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය පනත සහ එහි රෙගුලාසිවලට සෘජුවම යටත් වන බවද එම මණ්ඩලය කියයි.
මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද තෙල් පිරිපහදු සංකීර්ණයේ සියලුම මූල්‍ය ගනුදෙනු සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ පිළිගත් වාණිජ බැංකුවක් හරහා වන අතර, සියලුම වාණිජ බැංකු මුල්‍ය විශුද්ධිකරණය සහ මූල්‍ය ත්රස්තවාදයට එරෙහිව සටන්කිරීම සම්බන්ධව ස්වකීය බැංකුවලට අනන්‍යව ඇති රෙගුලාසි පිළිපදිනු ලබන බවත්, ඒවා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ සෘජු අධීක්ෂලණයට ලක්වන බවත් ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.