ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සිංගප්පූරු ව්‍යවසායකත්ව සහයෝගීතා අයතනය (Singapore Cooperation Enterprise) සමඟ එක්ව පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන පිළිබඳ තෙදින වැඩමුළුවක් 2019 මාර්තු 26 සිට 28 වන දින දක්වා මණ්ඩලය පරිශ්‍රයේදී පැවැත්වීය.
2022 වනවිට ඇ.ඩො.බිලියන 15.2 සිට ඇ.ඩො.බිලියන 28ක් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම ඉහළ නැංවීම සඳහා පර්යේෂණසංවර්ධන හා නවෝත්පාදනයන් හි ඇති වැදගත්කම පෙන්වාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.
ශ්‍රී ලංකාවේ ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මට අනුව 2018-2022 වරස තුළ සංවර්ධනය කිරීමට නියමිත හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර හය කෙරෙහිද ඉහත වැඩටහන වැඩි අවධානයක් යොමුකර ඇත.
සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණික සහ පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මෙම වැඩසටහන හා සම්බන්ධ වේ.මෙම ආයතනවල විධායක මට්ටමේ නිලධාරීන්ගේ ඇනුම, ආකල්ප, අත්දැකීම් හුවමාරුකර ගැන්ම මෙහිදී සිදුව තිබේ.