ශ්‍රී ලාංකේය නව ව්‍යවසායකයන්ට දේශීය වෙළෙඳ පොළ අතික්‍රමණය කරමින් ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ජයග්‍රහණ අත්කරදෙන ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම සහ ප්‍රමුඛතම නව ව්‍යවසායකයන්ගේ තාක්ෂණික සමුළුව, Disrupt Asia සම්මේලනය මෙවරද විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරනු ලැබේ.
මෙරට ව්‍යවසායකයන්ට ව්‍යවසාය ආරම්භ කිරිමේදී තාක්ෂණික කුසලතාවන් පෙන්නුම් කළ හැකි වුවද, ඒ තුළින් දිගුකාලීනව තිරසාර සාර්ථකත්වයක් අත්කර ගැනීම අසීරු තත්ත්වයක පැවතිණි. මේ සඳහා විසඳුම් ගෙනඑමින් 2016 වසරේදී Disrupt Asia සමුළුව ආරම්භ වූ අතර, එමගින් ව්‍යවසායකයන්ට ආයෝජන සහ ජාලකරණ අවස්ථා සඳහා ප්‍රවේශයක් ලබාදෙමින් ජාත්‍යන්තර වෙළෙඳ පොළ හා සම්බන්ධවීමට වේදිකාවක් සකස්කර දුන් බව සංවිධායකයෝ පවසති.
2016, 2017 සහ 2018 වසරවලදී පැවති සාර්ථක වූ Disrupt Asia සමුළු සහ ප්‍රදර්ශන තුළින් ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර නවෝත්පාදන ව්‍යවසාය ක්ෂේත්රයේ කටයුතු කිරීමේ අවස්ථාව උදාකරදී තිබේ. එහිදී, සමුළුවට සහභාගී වූ නව ව්‍යවසායකයන්ට ලෝකය පුරා දක්ෂ, ව්‍යවසාය ක්ෂේත්රයේ උද්යෝගීමත් සාර්ථක පරමාදර්ශී පුද්ගලයන් සමග අදහස් හුවමාරු කරගැනීමටද අවස්ථාව හිමිවිය. එසේම, ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගනිමින් ව්‍යාපාර ආරම්භය, එය නිර්මාණශීලීව ගොඩනගන ආකාරය, මෙන්ම ඊට අදාළ නිවැරදි පුද්ගලයන් සහ සම්පත් හා සබඳතා ගොඩනගා ගැනීමට ඉදිරි පුළුල් දැක්මක් සහිත මූලාරම්භයක්ද ලබාදුන් බව සංවිධායකයෝ පවසති.
අනාගත ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ශක්තිමත් පෙරගමන්කරුවන් ලෙස ඩිජිටල් ලෝකය සමග නව්‍යකරණය වන ව්‍යවසාය ක්ෂේත්රයට පිවිසීමට බලාපොරොත්තු වන මෙරට තරුණ ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර ව්‍යවසායකත්ව ක්ෂේත්රයේ ප්රමුඛ පෙළෙහි නායකයන්, ආයෝජකයන්, ව්‍යවසායකත්ව පාර්ශ්වකරුවන් එකිනෙකා මුණගැසෙන නව ව්‍යවසායන් ගොඩනැගෙන සහ ආරම්භකර ඇති ව්‍යවසායන් තිරසාර සාර්ථකත්වයට ඔසවා තබන පාර්ශ්වකරුවන් රැසක් හඳුනා ගැනීමේ අවස්ථාව මෙහිදී උදාවනු ඇති බවද සංවිධායකයෝ වැඩිදුරටත් පවසති.
මෙම සමුළුව මගින් නොසිතූ විරූ අන්දමින් සාර්ථකත්වයන් අත්කරගත හැකි බවත්, මූල්‍යමය සාර්ථකත්වයන් ඇතුළු ව්‍යවසාය ආරම්භ කරන්නන්ට ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාවන් සහ ව්‍යාපාර අවස්ථා ළඟාකර ගැනීමට හැකි බවත් Disrupt Asia සංවිධායකයන් වන ICTA ආයතනය සඳහන් කරයි. මෙවර Disrupt Asia 2019 සමුළුවේදී නව තාක්ෂණ හැරවුම් ලක්ෂයන් මුල්කොට ගනිමින් ව්‍යවසායකත්වය, ව්‍යවසායකත්ව ප්‍රතිපත්ති සහ නවෝත්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සමුළුවට සහභාගී වීම සඳහා ටිකට්පත් පිළිබඳ වැඩිදුර තොරතුරු www.facebook.com/disruptasia හෝ www.disruptasia.today/ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.