BluWin කළමනාකාරීත්වයේ වෙනසක්, නව සාමාන්‍යාධිකාරී ලෙස බුද්ධි වීරසිංහ
ගෝලීය පරිසර උපදේශන ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සමාගමක් වන BluWin Limited සිය ඉහළ කළමනාකාරීත්වයේ සැලසුම්සහගත නායකත්ව සංක්‍රාන්තියක් නිවේදනය කර තිබේ.
ඒ අනුව, BluWin, CSI සහ Texanlab හි උප සභාපති ආචාර්ය රොන් පෙඩ්මොන්ටේ මහතා 2026 වසර අවසානයේදී විශ්‍රාම ගැනීමට නියමිත අතර, සමාගමේ නායකත්ව වෙනස්කම්වල කොටසක් ලෙස 2026 නොවැම්බර් 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි BluWin හි නව සාමාන්‍යාධිකාරී ලෙස බුද්ධි වීරසිංහ මහතා පත් කර ඇත.
2024 වසරේදී සමාගමේ නායකත්වය භාරගත් ආචාර්ය රොන් පෙඩ්මොන්ටේ මහතා, BluWin සමාගම කැපී පෙනෙන වර්ධනයක් කරා මෙහෙයවීමට සමත් විය. ඔහුගේ නායකත්වය යටතේ ගෝලීය පාරිභෝගික පදනම පුළුල් වූ අතර, මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් විය. එසේම සත්‍යාපනය, සහතිකකරණය, උපදේශනය සහ ධාරිතා වර්ධනය යන සේවා කළඹ පුළුල් කිරීමටද ඔහු ප්‍රමුඛතාව ලබා දුන්නේය.
DyStar Group හි ඇමෙරිකා සහ යුරෝපා කලාපීය ජ්‍යෙෂ්ඨ උප සභාපති මෙන්ම, වෙළෙඳ ප්‍රචාරණ ප්‍රධානී එරික් හොප්මන් මහතා අදහස් දක්වමින්, "වසර ගණනාවක් පුරා රොන් දැක්වූ සුවිශේෂී නායකත්වය, කැපවීම සහ දායකත්වය වෙනුවෙන් අපි අපගේ හදපිරි කෘතඥතාව පිරිනමනමනවා. ඔහුගේ සුවිශේෂී ප්‍රවීණත්වය, වාණිජ ක්ෂේත්රයේ තියුණු දැක්ම සහ උපායමාර්ගික නායකත්වය මගින් අපගේ පාරිභෝගිකයන්ට, පාර්ශ්වකරුවන්ට සහ මුළු ක්ෂේත්රයටම කල්පවතින වටිනාකමක් නිර්මාණය වූවා. ඔහුගේ මෙතෙක් ලබාදුන් දායකත්වයට ස්තූතිවන්ත වන අතරම ඉදිරි ජීවන ගමනට සුබ පතනවා" යැයි සඳහන් කළේය.
විවිධ ව්‍යාපාරික ක්ෂේත්රයන් හි වසර 30කට ආසන්න (ජාත්‍යන්තර මට්ටමේ) පලපුරුද්දක් සහිත බුද්ධි වීරසිංහ මහතා 2022 වසරේදී BluWin සමාගම හා සම්බන්ධ විය. එතැන් පටන් සමාගමේ වර්ධනයට හා සංවර්ධනයට ඔහු සක්‍රීයව දායක වූ අතර, ඔහුගේ අවසන් තනතුර හරහා සමාගමේ සේවා කළඹ පුළුල් කිරීමටත්, වාණිජමය වර්ධනය වේගවත් කිරීමටත්, නව වෙළෙඳපොළ ක්ෂේත්‍ර වෙත සමාගම ව්‍යාප්ත කිරීමටත් විශාල මෙහෙවරක් ඉටු කළේය.
තම නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් බුද්ධි වීරසිංහ මහතා, "BluWin සමාගම එහි මීළඟ සංවර්ධන අදියර වෙත මෙහෙයවීමට අවස්ථාව ලැබීම මට විශාල ගෞරවයක්. ආයතනවල පාරිසරික කාර්යසාධනය ඉහළ නංවමින් දීර්ඝකාලීන වටිනාකමක් නිර්මාණය කිරීමට උපකාරී වන විශ්වාසදායී තිරසාර විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් BluWin සමාගම ජාත්‍යන්තරව ඇගයීමට ලක්ව තිබෙනවා. අපගේ බලපෑම ශක්තිමත් කිරීමටත්, අපගේ ධාරිතාවයන් ව්‍යාප්ත කිරීමටත්, ඉදිරි වර්ධනය වේගවත් කිරීමටත් අපගේ කණ්ඩායම්, පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට මා බලාපොරොත්තු වෙනවා" යැයි සඳහන් කළේය.
මෙම නව නායකත්වය යටතේ ද, නවෝත්පාදන විසඳුම්, විශ්වාසදායී ප්‍රවීණතාවය සහ ගෝලීය පාරිභෝගිකයන් හා හවුල්කරුවන් සමඟ අර්ථවත් සහයෝගීතාවයෙන් කටයුතු කරමින්, ගෝලීය අගය එකතු කිරීමේ දාමයන් තුළ තිරසාරභාවය ඉදිරියට ගෙන යාමට BluWin සමාගම බැඳී සිටින බව අවධාරණය කරයි.
BluWin පිළිබඳව
BluWin යනු ධනාත්මක දේශගුණික අනාගතයක් වෙනුවෙන් නවෝත්පාදනාත්මක විසඳුම් ලබාදෙන, පාරිසරික උපදේශන ක්ෂේත්රයේ නිරත ගෝලීය ප්රමුඛයෙකි.
- ආවරණය වන ක්ෂේත්‍ර : රෙදිපිළි, ඇඟලුම් සහ පාවහන්, රසායනික ද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය, ඇසුරුම් සහ ගොඩනැගිලි නිෂ්පාදන, ගෘහ භාණ්ඩ සහ පාරිභෝගික භාණ්ඩ.
- සේවා විෂයපථය : ඇගයීම, සහතික කිරීම/සත්‍යාපනය සහ ධාරිතා වර්ධනය ආදී වැඩසටහන් මෙන්ම, ආයතනික පාරිසරික කාර්යසාධනය ශක්තිමත් කිරීම, තිරසාර නිෂ්පාදන භාවිතයන් ඇතුළත් කිරීම සහ චක්‍රීය ආර්ථික තිරසාර ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම.
- ගෝලීය ව්‍යාප්තිය : රටවල් 45කට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක වන BluWin සමාගම, පාරිසරික බලපෑම අවම කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නියාමන ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා සැපයුම් දාමයේ පාර්ශ්වකරුවන් සමඟ සමීපව කටයුතු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

