වර්ෂ 2025 දී ඇඟලුම් කර්මාන්තයෙන් ඇ.ඩො.බිලියන 8ක ඉලක්කයක් සපුරා ගැනීමේ හැකියාව ඇති බවත්, ඒ සඳහා වාර්ෂිකව 6%ක වර්ධනයක් පවත්වා ගැනීමට සාම්ප්රදායික වෙළෙඳ පොළවල්හි විශාල වෙනසක් අපේක්ෂා කළ නොහැකි බැවින්, ඉන්දියාව, චීනය සහ බ්රසීලය වැනි නැගීඑන වෙළෙඳ පොළවල් වෙත පිවිසීමට කටයුතු කළ යුතු බව ශ්රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය විශ්වාසය පළ කරයි.
පසුගියදා කොළඹ, සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී පැවති ශ්රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ 36 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
සංගමයේ සභාපති ලෙස මීට පෙර කටයුතු කළ ෆීලික්ස් ඒ. ප්රනාන්දු මහතා මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය සහ ඇ.ඩො. බිලියන 8ක අපනයන ආදායමක් ළඟාකර ගැනීමේ ඉලක්කය සම්බන්ධයෙන් කරුණු දැක්වීය. ඔහු පැවසුවේ ශ්රී ලංකාවේ ග්රාමීය ප්රදේශවල සිදුවෙමින් පවතින සංවර්ධනය නිසා එම ප්රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට හැකිවී ඇති බවත්, උතුරු නැගෙනහිර පළාත්වල පවා කර්මාන්ත ශාලා විවෘත වීමෙන් එම ප්රදේශවල තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාවී ඇති බවත්ය.