ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළෙඳ පොළේ '2020 ප්රාග්ධන වෙළෙඳ පොළ දැක්ම' එළිදැක්වීමේ උලෙළ ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය 05දා කොළඹ, සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්විණි.
ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළෙඳ පොළට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර, විනිමය කොමිෂන් සභාව ඉදිරිපත් කරන ලද '2020 ප්රාවග්ධන වෙළෙඳ පොළ දැක්ම' පිළිබඳව එහිදී ප්රධාන දේශනය ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.