සංචාරක පැමිණීම 2019 වසරේ මිලියන 03 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවසා සිටියේ මෙවර අයවැයේදී සංචාරක කර්මාන්තයට හොඳ විශ්වාසනීයත්වයක් ලබාදී ඇති බවයි. එමෙන්ම, බස් හා දුම්රිය ස්ථාන සනීපාකරක්ෂාවට මෙහි මුදල් වෙන්කර ඇති බවත්, සංචාරක ඉදිකිරීම් සඳහාද ජනතාවට මුදල් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
"අයවැය යෝජනා මඟින් හොඳ බලපෑමක් සංචාරක බලපෑමක් ලබෙනවා. මිලියන 2.3ක් ගිය වසරේ සංචාරක පැමිණීම් තිබුණා. මේ වසරේදී එය මිලියන 3ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්රයේ ආදායම ඇ.ඩො. බිලියන 5ක් දක්වා වැඩි කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.
අද වනවිට ලෝකයේ ප්‍රකට හෝටල් නාමයන් මේ රටේ ආයෝජනය කර තිබෙනවා. මැයි මාසයේ කොළඹදී සැසියක් පැවැත්වෙනවා. ඊට සංචාරක ක්ෂේත්රයේ 200ක් පමණ ගෙන්වීමට බලාපොරොත්තු වෙනවා." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.