2019 වර්ෂය සඳහා ගම්පෙරළිය සහ එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් හදුන්වාදීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
මෙම වැඩසටහන් වර්තමාන ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා, එය අනාගත ජයග්රහණයේද පෙරනිමිත්තක් බව සඳහන් කර ඇත.
ජනතාවට ප්රතිලාභ ලබාදීම සඳහා යළි ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට තම අමාත්‍යංශයත්, මුදල්, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන, මහා මාර්ග යන අමාත්‍යංශ යොදා ගන්නා බවත් ගම්පෙරළිය වැඩසටහනේ සම්බන්ධීකරණය සඳහා අලුතින් සමෘද්ධි ව්‍යාපාරයට බඳවා ගන්නා නිලධාරීන් 750ක් යොදවන බවත් සඳහන් කර තිබේ.
මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් යන මහත්වරුන් ප්රමුඛ මැති ඇමැතිවරුන්, පළාත් සභා නගර සභා හා ප්‍රාදේශීය සභාවල මහජන නියෝජිතයින් සහ දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.