2018 වසර තුළදී ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 16.4කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අතර, ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන මුදල් ඒකකවලට සාපේක්ෂවද මෙසේ අවප්‍රමාණය වීමකට ලක්ව ඇත්තේ, යූරෝ සඳහා 12.7%කින්, ස්ටර්ලින් පවුම් සඳහා 11.4%කින් සහ ජපන් යෙන් සඳහා 18.1%කින් ලෙසිනි.
කෙසේ වෙතත්, 2019 වසරේ ජනවාරි මස 28දා දක්වා කාලපරිච්ඡ්දය තුළදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 0.6%කින් අතිප්‍රමාණය වී ඇත.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල, යූරෝ හා ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ.