2018 වසරේ මුළු සංචාරක ඉපැයීම් ඇ.ඩො.බිලියන 4.4ක් දක්වා 2017 වසරට සාපේක්ෂව 11.6%කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි.
ඊට සාපේක්ෂව, 2018 වසරේ සංචාරක පැමිණීම්ද පෙර වසරට සාපේක්ෂව 3.1%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, 2017 වසරේදී මිලියන 2.1ක මුළු සංචාරක පැමිණීම් හා සැසඳීමේදී 2018 වසරේදී මුළු පැමිණීම් මිලියන 2.3ක් දක්වා වර්ධනය වී තිබේ.
එමෙන්ම, 2018 දෙසැම්බර් මාසයේදී සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 4.8%ක වර්ධනයක් පෙන්වමින් ශක්තිමත් මට්ටමක පැවති බවද මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
2018 වසරේදී සංචාරක පැමිණීම් අතරින් ඉන්දියාව ප්‍රමුඛස්ථානයේ තවදුරතටත් පවතින අතර, චීනය තවදුරටත් දෙවැනි ස්ථානයේද, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව පිළිවෙළින් ඉහළ ස්ථානවලද පැවතුණු බව එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.