ආනයන වියදම කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කිරීම සමග 2018 නොවැම්බර් මාසයේදී වෙළෙඳ ගිණුමේ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
2018 නොවැම්බර් මස විදේශ අංශයේ ක්රියාකාරීත්වය පිළිබඳ නිරීක්ෂණය කරමින් මහ බැංකුව මෙම කරුණු ගොනුකරයි.
2018 නොවැම්බර් මාසයේදී අපනයන පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 4.1%කින් ඉහළ ගිය අතර, ආනයන 9.1%කින් පහළ ගියේය.
කෙසේ වෙතත්, සමුච්චිත වශයෙන් සැලකූ විට 2018 වසරේ පළමු මාස 11 තුළදී වෙළෙඳ හිඟය 2017 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පුළුල් වී තිබේ.