2018 පෙබරවාරි මාසයේ සංචාරක පැමිණීම් 19.3%කින් වර්ධනය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
2017 පෙබරවාරි මාසයට සාපේක්ෂව චීනය, ඉන්දියාව, රුසියාව සහ එක්සත් රාජධානිය යන රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීම මේ සඳහා දායක වී තිබේ.
වසරේ මුල් මාස දෙක තුළදී සංචාරකයන් 474,542ක් පැමිණ ඇති අතර, එය 2017 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 13.8%ක වර්ධනයක් බවද කියයි.
එමෙන්ම, 2018 පෙබරවාරි මාසයේදී සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 437ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, වසරේ මුල් මාස දෙක සඳහා මුළු සංචාරක ඉපැයීම් ඇ.ඩො.මිලියන 880ක් බවද පෙන්වා දෙයි.