වසරක් තුළදී කොටස් වෙළෙඳ පොළට වාර්තා වී ඇති වැඩිම විදේශ මිලදී ගැනිම් ප්‍රමාණය සදහා නව වාර්තාවක් සටහන් කරමින්, 2017 වර්ෂයෙහි රු.බිලියන 105.1ක විදේශ ආයෝජනයක් මේ වනවිට සටහන් වී ඇත.
මෙම නව වාර්තාව 2014 වර්ෂයේ රු.බිලියන 104.7 යන අගය ඉක්මවා ඇති අතර එමගින් 2017 වර්ෂයෙදී කොටස් වෙළෙඳ පොළ කෙරෙහි විදේශ ආයෝජකයන් දක්වා ඇති විශේෂ උනන්දුව පෙන්නුම් කරන බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව පවසයි.