2017 වර්ෂයේදී ඇස්තමේන්තුගත රැකියා වියුක්ති අනුපාතය 4.2%ක් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා පවසයි.
අදාල යොමු කාලය තුල රැකියාවක් නොමැති, රැකියාවක් සෙවිමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගත් සහ රැකියාවක් ලැබුණහොත් එය කිරිමට හැකියාව ඇති පුද්ගලයන් රැකියා විරහිත පුද්ගලයන් සේ සලකනු ලබයි. මුළු රැකියා විරහිත පුද්ගලයන් ප්‍රමාණය, ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස ගත්විට විරැකියා අනුපාතය ලෙස හඳුන්වනු ලබයි.