2017 ආර්ථික වර්ධනය සියයට 4.5ට අඩුවේවි -IMF
2017 ආර්ථික වර්ධනය 4.5% මට්ටමට වඩා අඩුවනු ඇති බවත්, ශ්‍රී ලංකා ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ශුද්ධ විදේශීය සංචිත යළි ගොඩනැංවීම තවදුරටත් සිදුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
තුන් අවුරුදු විස්තීරණ ණය පහසුකමෙහි සහාය සහිතව ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික වැඩසටහනෙහි තෙවැනි සමාලෝචනය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙම අදහස් දැක්වීය.
දේශීය ආදායම් පනත සම්මත කිරීම විශාල ජයග්‍රහණයක් වන අතර, එය රජයේ සුබවාදී සමාජ හා සංවර්ධන වැඩසටහන් සඳහා සහාය වනු ඇති බවද එම නියෝජිතයෝ පැවසූහ.
එමෙන්ම, වර්ධනය හා උද්ධමනය මත සෘණාත්මක බලපෑමක් ඇත ිකරනු ලැබූ නියඟය සහ ගංවතුර සමග සාර්ව ආර්ථික ක්‍රියාකාරීත්වය මිශ්‍ර ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ වැඩිදුරටත් පවසති.
ජේවූ ලී මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පසුගිය සැප්තැම්බර් 18 සිට 29දා දක්වා කාලය තුළ මෙරට රැඳී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

